‘මෙහෙමත් අම්මලා‘ : මම තාත්තා වගේ නෙමෙයි


යාපනය කෝපායි නීර්වේලියේ හය හැවිරිදි දරුවෙකුට ඇයගේ මව අමානුෂිකව පහරදෙන අයුරු අසල් වැසියෙකු විසින් වීඩියෝ කර ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරනු ලැබීමෙන් පසු දැරියගේ මව වන රාජන් පුවනේෂ්වරී (38)  අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.

මව දැරියට පහර දෙන්නේ දිය නෑමට අකමැත්ත පළ කිරීමෙන් ඇති වන කේන්තියෙන් බව කෝපායි පොලීසිය කියයි. 'මම තාත්තා වාගේ නෙමෙයි 'යනුවෙන් පවසමින් ඇය දැරියට පහර දෙතියි ද පොලිසිය කියයි.

කෙසේ වෙතත් එම කාන්තාව  නිතරම මෙම දැරියට පහර දෙන බව අසල්වැසියෝ කියති.

මෙම දැරියට පහර දෙනුයේ කුඩම්මා බවට පළවූ වාර්තාව වැරදි බව කෝපායි පොලිසිය කියයි. දැරියගේ මව ඇයට පහර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කරයි.

01 03 04 05 06 07 08 09 10

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් මධුෂංක