‘මෙහෙම ගියොත් චොකා මල්ලි ජනපති : මුතුහෙට්ටිගම අගමැති‘


කොළඹ ජනාධිපති මන්දිරයේ හැදූ සිව්මහල් භූගත මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩලය යුද සමයේ කිසිදිනක රැස් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.

ආරක්ෂක මණ්ඩලය එහි රැස්වූයේ යැයි හිටපු ජනපති පසුගියදා ප්‍රසිද්ධියේ කීවේය. මෙම බංකරය නාවික හමුදාවෙන් හැදූ බව දැන්වූ බවත් දෙණියාය පැත්තේ වත්තක තවත් බංකරයක් ඇති බවත් ෆොන්සේකා පවසයි.

එම බංකර හැදීමට කෙතෙක් මුදල් වියදම් වූයේදැයි හිටපු ජනපති හෙළිකළ යුතු බවත් පැලවත්තේ අකුරුගොඩ ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිකිරීමට වැයවූ මුදලට සමාන මුදලක් වැය වන්නට ඇතැයිද තමා ලැබුණු ආරංචි අනුව ඒ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 33ක් හෙවත් රුපියල් බිලියන 4641.53 ක් එයට වියදම්ව ඇති බවද ඔහු කියයි.

මේ බව සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩදී පැවසීය.

‘මේ විදයට ගියොත් ගාල්ලේ මුතුහෙට්ටිගම තව අවුරුදු 1කදී ලංකාවේ අගමැති වේවි. රත්නපුරයේ චොකා මල්ලි ජනාධිපති වේවි. දේශපාලනඥයන් රැකියාදීම නතර කළ යුතුය. පුත්තලමේ වැඩි ඡන්ද ලැබුණේ කසිප්පු කාරයන්ටයි.‘