තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක් පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සිය අය වැය කථාව අවසන් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
‘සියලු ශ්‍රී ලාංකිකයන් බලාත්මක කිරීමට පියවර ගෙන ඇත. මහජනයාට බදු පැටවීම අවශ්‍ය නැත. අප වැටී සිටින ණය උගුලින් ගැලවීමට නිරන්තර සටනක් කිරීමට සිදුවී තිබෙනවා.
අපගේ රජය ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුම නොකිරීමට කටයුතු කරනවා.
අප යන ගමනට සියල්ලගේ සහාය අවැසිය. අප ළඟ විවිධ මතවාද ඇත. ඒවා ඉදිරිපත් කිරීමට අපට අයිතියක් ඇත. එහෙත් අවසාන වගකීම අපට ඡන්දය දුන් අයගේ අපේක්ෂා ඉටු කිරීමයි.
අප අනාගතය අප විසින්ම අහිමි කරනොගෙන ඉදිරි පරම්පරාවට සුරක්ෂිත අනාගතයක් ලබාදීමට කටයුතු කරනවා.‘ යැයි ද මුදල් ඇමැතිවරයා කීය.
මුදල් ඇමැතිවරයා පස්වරු 2ට ආරම්භ කළ අය වැය කථාව පස්වරු 5 දක්වා පැවැත්විණි. අයවැය සකස් කිරීම සඳහා උපකාර කළ සියලු දෙනාට ස්තූති කිරීමට ද කරුණානායක මහතා කටයුතු කළේය.