‘මෙන්න ඒ සුන්දර අවස්ථාව : පින්වතුනි සාදු කියන්න‘


පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ලබන මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතය.

එම පදවිය අපේක්ෂාවෙන් තිදෙනෙක් තරග බිමට එතියි කියති.

 එස් එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර හා චන්දන වික්‍රමරත්න ඔවුහුය. චන්දන වික්‍රමරත්න වයසින් බාලයාය. ඔහුට වසර හතරක් පහක් පමණ තවත් සේවය කිරීමට ඉඩකඩ ඇතැයි කියති.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි දැන් දැන් මැතිවරණවලට උසස් නිලතලවලට හා තවත් එවැනි දේට සෑහෙන බලපෑමක් ඇති කරතියි කියති.

ඇතැම් පිරිස් මේ සඳහා තාක්ෂණ වෘත්තිකයෝ යෝදාගෙන සිටිති.

මේ අතර ජයසුන්දර මහතාගේ නමින් ෆේස් බුක් ගිණුම් කිහිපයක් ඇත. ඔහුගේ උපන්දිනයට දැමූ සටහනකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබිනි.

ඔහුගේ නමින් ඇති ෆේස්බුක් ගිණුමක ‘ශ්‍රේෂ්ඨ මිනිසකු තමාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරන්නේ ඔහු පොඩි මිනිසුන්ට සලකන ආකාරයෙන්ය.‘ යනුවෙන් සඳහන් ඡායාරූපයක් පළ කර තිබිණි.

ඊට ලැබුණු ප්‍රතිචාර අතර එච්එන්ඩීඒ සිසුන්ට පොලිසියෙන් පහර දෙන ඡායාරූපයක් සමග සටහනක් ලියා ඇත. එම සටහනේ ඇත්තේ ‘පොඩි මිනිහාට සලකන ඒ සුන්දර අවස්ථාව ... සාදු කියන්න පින්වතුනි.‘ යනුවෙනි.

image001