‘මූල්‍ය අපරාධවලට වෙනම අධිකරණයක් ඕනෑ‘


මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වෙනම අධිකරණයක් පිහිටවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (16) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එය මැතිවරණ පොරොන්දුවක් බවත් මූල්‍ය චෝදනා සම්බන්ධ පරීක්ෂණ සාමාන්‍ය අධිකරණවල විභාග කිරීමෙන් අනෙක් නඩු කටයුතු ප්‍රමාදවන බවද කී මන්ත්‍රීවරයා මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට වෙනම අධිකරණයක් පිහිටුවීමට අගවිනිසුරුගේ හා අධිකරණ ඇමැතිගේ අවදානය යොමු විය යුතු බවද කීවේය.

web_1016IMG_0597