‘මූද හුරං කන්න ඉඩ නොදේ‘


වසරකට දින 83 ක් බැගින්  ඉදිරි  වසර 03ක් සඳහා ශ්‍රී ලංකා මුහුදේ  ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමිල්නාඩු  ධිවර නියෝජිතයන් විසින්  කරන ලද ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය කාලයේදී  තමිල්නාඩු ධිවරයින්  වසරකට දින 120ක් පමණ ශ්‍රී ලංකා මහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදී  රුපියල් බිලියන120කට අධික වටිනාකමක් ඇති මත්ස්‍ය සම්පතක් උදුරාගෙන ගොස් තිබෙන බවද අද (07) එම අමාත්‍යංශයේදී  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී   අමාත්‍යවරයා කීය.