විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 62 අනුව මුළු රටේම ජනතාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දී ඇතැයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
කෝට්ටේ නාග විහාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියෝ එසේ පැවසූහ.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)



