‘මුහුදෙන් එන හොර මත්ද්‍රව්‍ය අඩුවෙලා‘


ජනපති ඇති කළ මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරමින් යන කටයුතු නිසා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ අඩුවක් ඇතැයි නාවික හමුදාපති වයිස්  අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රි විජයගුණවර්ධන මහතා අද (20) මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසු මධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නාවික හමුදාවේ බුද්ධි නිලධාරින් ද නෞකා  හා යාත්‍රා යොදවා තිබිම නිසා මත්ද්‍රව්‍ය මෙරටට ගෙනඒම අඩු වි ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්ය සාධක බලකාය මගින් කරගෙන යන වැඩ පිළිවෙළේ විශාල ප්‍රගතියක් ඇති බවද හමුදාපති වරයා කීවේය.

විශාල නෞකා දිනෙන් දින මෙරටට වැඩි වශයෙන් පැමිණෙන බවත් ඒ රටේ ඇති වි ඇති යහපත් තත්වය ජාත්‍යන්තර රටවල් පිළිගන්නා නිසා බවත් ගිය ජූනි මස සිට යාත්‍රා  25 ක් පැමිණි බවත් ඉදිරි මාස දෙකේ විශාල යාත්‍රා 8 ක් පමණ පැමිණීමට නියමිත බවත් හමුදාපතිවරයා කීය.

LAnavy_2016128 LA-navy_20161282