‘මුහුදු යද්දී ප්ලාස්ටික් බෝතල් බෑ‘


මුහුදු යාමේදී ධීවරයින්ට කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙනයාම වහාම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ධීවරයින් ජලය ගෙනයාම සඳහා ස්ථිර භාජනයක් යොදාගත යුතු බවත්, ධීවර වරායන්ගෙන් බෝට්ටු පිටව යාමේදී ඒවා දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්කිරීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී  ඇති බවත් කියති.

මසුන් ඇල්ලීම සඳහා ධීවර යාත‍්‍රා 50,000ක් පමණ දිනපතා මුහුදට යන අතර ඒවායින් ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 5ක් පමණ මුහුදට බැහැර කරන බවත්, මෙලෙස බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු පතුලේ ඇති කොරල්පර, ජලජ පැලෑටි සහ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට හානි සිදුවන බවත් ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් ක‍්‍රිස්ටි ලාල් ප‍්‍රනාන්දු මහතා අද (24) එම අමාත්‍යාංශයේදී පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇමතිවරයාට දැනුම් දී ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.