‘මුහුණත් තහඩු ගහගැනීම බාල වැඩක්‘


මහජන මුදලින් රටක ඉදිකෙරෙන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යොදා නොගතයුතු බවත් ජීවත්ව සිටියදී හෝ මළ පසු ඔවුන්ගේ නම් යෙදීම සදාචාරයට එකඟ නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් මතුකරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම් ශ්‍රී ලංකාවේ මාර්ගවලට පමණක් නොව පලස්තීනයේ පාරවලට පවා යොදාගෙන ඇතැයිද එසේ ජීවත්ව සිටින අයගේ නම් යොදා ගැනීම සුදුසුදැයි ප්‍රශ්න කළ ඔහු එය වළක්වන පනතක් සම්මත කළ හැකිදැයි විමසීය.