ගිරිබාව රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමෙන් ජලයෙන් යටවූ බඹරේ, පාළුවැව අවතැන්වූවන් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ගියේය.
ජනතාවට අවශ්‍ය වියලි ආහාර, මෙට්ට, මදුරු දැල් ආදිය ලබාදීමද එහිදී සිදුවිය.
ආණ්ඩුව සතියකට පමණක් සහනාධාර වෙන්කර ඇති බවත් එය ප්‍රමාණවත් නොවන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘‘ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා තවත් සතියකට සහනාධාර දෙන්න. අවතැන්වූවන්ට මුදල් දෙන්න ඕනෑ. වතුර තාම බැහැලා නෑ. දෙන සහන මුදල් මදි. මේ මුදල් වෙනත් වැඩවලට යොදවලා. ඡන්දවලට දන්සල් දැම්මේ මේ මුදල් වලින්. අවුරුද්ද අවසානයේ ඉතිරිවෙලා තියෙන මුදල් ටික දන්සල් දාන්නයි ඩිජිටල් කටවුට් ගහන්නයි යොදවලා.‘‘
‘‘මුතුහෙට්ටිගම රට අතහැරලා ගිහිල්ලා, අපි අහන්නේ කොහොමද ඒක වුණේ කියලා. වීඅයිපී එකේ යන්න නිකන් බැහැනේ. එතනත් ආගමන විගමන නිලධාරීන් ඉන්නවා. ආණ්ඩුවට ඕනෑ හින්දා මුතුහෙට්ටිගම රටින් ගිහින්‘‘




