‘මීළඟ මැතිවරණය අලුත් ක්‍රමයට‘


මීළඟ මහ මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනුයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ යැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත කොළඹදී අද (11) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.
නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා විසිවැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය සිදු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කළ ද එය කරගත නොහැකි වූ එයින් එය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ඔස්සේ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

web_slfp_20161115