මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එහි විරෝධතා පැවැත්වීම තහනම් ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
දෙසැම්බර් 10 වැනිදා කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක ඇතුළු පිරිසට නඩුව නිමවන තෙක් උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කැර ඇතැයි ගුණසේකර මහතා කියයි.
මේ සම්බන්ධයෙන් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසූයේ එම ස්ථානයේ විරෝධයේ නොයෙදෙන ලෙස අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා නැතැයිද කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා නොකරන ලෙස තහනම් නියෝගයක් පනවා ඇති බවයි.

