‘මිශ්‍ර අධිකරණය මඟහරින්න රජයට බෑ‘


ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය දෙස් විදෙස් විනිසුරුවරුන්ගෙන් යුත් මිශ්‍ර අධිකරණයක් හරහා කළ යුතු යැයි මෙරට සංහිදියාව සදහා වූ කාර්යංශය විසින් නිර්දේශ කිරීම අගය කරන බවත් මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ හැකියාවක් ලක් රජයට නොමැති බවත් දෙමළ ජාතික සන්ධානය කියයි.
මෙම වාර්තාව සහ එහි නිර්දේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මෙම අදහස් පළ කළේය.