රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර, කණක හේරත් එහි ගිය අතර බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද වැලිකඩ ගොස් ගම්මන්පිල ගේ සුවදුක් විමසූහ.