දීර්ඝ කාලයක සිට කලා කටයුතු නියැළි සිටියද තමන් විසින්ම පළමු වරට ගීතයක් කරමින් කරළියට එන මෙම යෞවනයා නමින් දමිත් නිල්ශාන් ආරියතිලකයි. කලා පවුල් පසුබිමක් නොතිබුණද දැඩි උත්සාහය කැපවීම මත ගීත ක්‍ෂේත්‍රයට පිවිසි දමිත් ඔහුගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපට මෙලෙසින් අදහස් දැක්වී.
මගේ නම දමිත් නිල්ශාන් ආරියතිලක
රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?
මම රැකියාවක් කරනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපන කටයුතුත් හදාරනවා
කලාව කියන දේට එකතු වෙන්නේ කොයි කාලේද?
පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණා. ඒත් අපේ පවුලේ කවුරුත් කලා පවුලේ ඉඳලා නැහැ. 2012 වගේ තමයි මට නියෝ අයියව හම්බවෙන්නේ. ඊට පස්සේ ටික කාලයකදී ඒ දැන හැඳුනුම්කම ටිකක් නවතිනවා. නැවත 2016 ඔහුව හම්බවෙනවා. ඊට පස්සේ තමයි Big හර්ෂ අයියව දැන ගන්නේ. එහෙම තමයි කලාවට එන්නේ. ඒ කාලේ වෙද්දීත් මගේ නංගිත් සංගීතය කරන නිසා මට වැඩි අවුලක් ගෙදරින් දැම්මෙ නැහැ.
දැනට ගීත කීයක් කරලා තියෙනවාද?
‘මිතුරු ආදරය’ තමයි මගේ පළමු ගීතය. තව එකක් මේ අවුරුද්දෙ වීඩියෝ එකක් සමගින් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තු වෙනවා.
කරපු ගීතය ගැන කිව්වොත්?
කරපු ගීතය මම හිතුවට වඩා ජනතාව අතරට ගියා. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. බැන්නෙත් නැහැ වැරැද්දක් කිව්වෙත් නැහැ. ඉදිරියේදී ගුවන් විදුලි නාළිකාවල මගේ ගීතය අසන්න ලැබෙවි.
ඉදිරියේදී මගේ වැඩිදුර අධ්‍යාපනය කටයුතු හදාරන්න විදෙස් ගත වෙනවා. ඊට කලින් ගීත කිහිපයක්ම කරලා තමයි මම විදෙස් ගත වෙන්නේ.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මා, තාත්තා මතක් කරන්න ඕනේ. ඒ වගේම මාව හැමදාම දිරිමත් කරපු මගේ නංගි සඳනි. ඒ වගේම හර්ෂ, එරංග අයියා, නිපුන පිටිගල අයියා, දුමියා සහ ශැලී.. යලුවෝ වශයෙන් අකිල, දුලිත, නටාශා, සඳුනි. මේ අයව මතක් කරනවා. Big හර්ෂ අයියව සහ නියෝ අයියවත් මතක් කරනවා වගේම, මේ ගීතය ශෙයාර් කරපු බලපු හැමදෙනාටම ස්තූති කරනවා.



