ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල දී නොබැදි පිළිවෙත අනුගමනය කළ යුතු යැයි නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලික කොහොන මහතා පැවසීය.
කොහොන මහතා එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
විදේශ සේවයේ නොවන නිලධාරීන් තානාපති තනතුරු සඳහා පත් කරන එකම රට ලංකාව නොවන බවත්, ඇමෙරිකාව පවා එවැනි පත්වීම් කරන බවත් කොහොන මහතා කීවේය.
උතුරු නැගෙනහිරට බලය බෙදීම ඇතුළු දේශපාලන විසඳුමක් සෙවිය යුත්තේ වෙනත් රටකට ඕනෑ කරන ආකාරයට නොව අපේ රටට ගැලපෙන ආකාරයට බවත්, වෙනත් රටවලට ඕනෑ කරන දේ සිදු කරන්නට ගොස් දහස් ගණනක් දිවි පිදූ බවත් ඔහු පැවසීය.
ආචාර්ය කොහොන සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

