‘19 සම්මත කර ගන්න පුළුවන් වුණේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා. ඒ නිසා මම හැමදාම කිව්වා වගේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනෑ. ඒ නිසා මේ එක්කම මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වැනි සංශෝධනයත් අපි සම්මත කර ගන්න ඕනෑ. ඒ රොටියත් පුච්චගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා. ‘ යයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරියේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කොට්ටේ නාගවිහාරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසූහ.
19 වැනි ව්‍යවස්ථාව සම්මත වීම මුළු මහත් රටේම අති විශාල ජයග්‍රහණයක් බව කී මාදුළුවාවේ සෝභිත හිමියෝ එය සම්මත කර ගැනීමට දායක වූ සැමටම අද පුණ්‍යානුමෝදනා කළහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




