මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සායනික පුහුණුව ලබාදීමට රජය ගෙන ඇති තීරණයට තම සංගමය එකඟ නොවන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි.
එම සිසුන්ගේ සායනික පුහුණුවට අදාළ ඉගැන්වීම් සිදු නොකිරීමටද සංගමය තීරණය කළ බවද හේ කීය.
සයිටම් ආයතනය නීත්‍යනුකූල වෛද්‍ය උපාධිය ලබාදෙන සරසවි පීඨයක් නොවන බවත් ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවය මත ගොඩ නැගූ නීති විරෝධී ලෙස මුදල් ගරන උපාධි විකුණන ආයතන බවත් නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙළාගත් වෛද්‍යවරු කිසිසේත් ඊට ඉඩ නොතබවන බවත් හේ අවධාරණය කළේය.
එසේම දැනට දිවයින පුරා පිහිටා ඇති වෛද්‍ය පීඨවල සිසුන් ගෙන යන සයිටම් විරෝධී ව්‍යාපාරය තම සංගමය හුදෙකලා නොකරන බවත් ඊට පූර්ව සහාය දෙන බවත් කියයි.

