ගායකයකු හා සංගීත අධ්‍යක්ෂකයකුවූ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි ඔහු ගඟ අද්දර, බැද්දේගම, සුසීමා, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, ගෝඩ් කිං, දුවට මවක මිස චිත්‍රපටවල සංගීතය සැපයීය.
කොළඹ ශාන්ත පීතර හා ගල්කිස්ස ශාන්ත තෝමස් හා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනගත් ඔහු එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඇත.
ගී පද රචකයකුද වන ඔහු ‘මාස්ටර් සර්‘ ගීතය නිර්මාණය කළේය. 1979 වසරේදී ඔහු ගඟ අද්දර චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් හොඳම සංගීත නිර්මාණයට හිමි ඕසීඅයිසී සම්මානය හිමිකරගත්තේය. සරසවිය, ජනාධිපති සම්මාන ආදියද ඔහුගේ සංගීත නිර්මාණ දිවියේ ලැබූ සම්මාන අතර වේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් විය.

