‘මාස අටක් ගියත් නීතිපති වාර්තාව ලැබී නෑ‘


රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නැති වූ අවි සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු 11 වැනි දා නීතිපතියට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් ඔහුගේ ප්‍රතිචාරය ලැබී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැන්වීය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රක්නා ලංකා අවි ගබඩාවේ අවි නැතිවීමක් ගැන ජාතික හෙළ උරුමයේ කෝට්ටේ නගර සභා මන්ත්‍රී යූ අයි දයාරත්න මහතා පසුගිය ජනවාරි 19 වැනි දා පොලිසියට පැමිණිලි කළ බව උසාවියේ දී සඳහන් විය.

රහස් පොලිස් පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කීවේය.

වැඩිදුර විභාගය ජනවාරි 25ට කල් තැබිණි.