‘මාලබෙන් වෛද්‍යවරු බිහිවීම බොරු‘


දොස්තර කෙනකුවීමට දරුවකුගේ තියෙන ආශාවත් දෙමව්පියන්ගේ කැමැත්තත් යන දෙකම මුදලට විකිණීමේ වැඩපිළිවෙළක් මාලබේ සයිටම් ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය දිගින් දිගටම කරගෙන යන බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙතෙක් ලියාපදිංචි වී නැති නිසා ඔවුනට වෛද්‍යවරු බිහිකිරීමේ හැකියාවක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් සොයිසා මහතා අද (3) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

2009 සිට 2016 අද වනතුරු වසර අටක්ම එකදු වෛද්‍යවරයකු හෝ බිහිකිරීමට වෛද්‍ය විද්‍යාලයට බැරීවී ඇතැයිද සයිටම් එක වෛද්‍යවරු බිහිකරන්න වසර 20ක් යනවාදැයි  තමන් විමසන බවත් සොයිසා මහතා කියා සිටියේය.

gmo_2016334

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා