මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ දුම්බරට ගෙන ගිය නිසා හිස්වු බෝගම්බර බන්ධනාගාර භූමිය ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට රුපියල් මිලියන 26 ක් වියදම් කරමින් කළුගල් අතුරා සංවර්ධනය කිරිම අරඹමින් අමාත්‍යවරයා අද (06) මහනුවරදී එසේ කීවේය.
අවිධිමත් නගර සංවර්ධනයේ හා සමාජ ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් ලෙස වාහන තදබදය ඇතිව ඇති බවත් ලංකාවේ දෙවැනි අගනගරය වන මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරන බවත් රණවක මහතා කීවේය.
මාර්ග ගැටළුව මහනුවර නගරයට පමණක් නොව සියලු නගරයන්ට බලපාන කරුණක් බවත් මේ සඳහා මාර්ග විනය ඇති කිරිම අතව්‍යශ්‍ය කරුණක් බවත් අමාත්‍යවරයා කීය.

