පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
ඉදිරියේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවද ඔවුහු කීහ.
අගමැතිවරයාට ‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්‘ ප්‍රතිපත්ති මාලාව අමතකව ඇති බවද තෙරුවන් නමදින ආකාරය මතක තිබුණේ නිතර කියැවෙන නිසා බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිතර කියවා මතකයේ තබාගත යුතු බවද උදය ගම්මන්පිල මහතා එහිදී කීවේය.
බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අත්වූ ඉරණම ගැන ඒකාබද්ධ විපක්ෂය සතුටු නොවන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේ “නීතිය කාටත් එක හා සමානයි. එය අවතක්සේරු කරන්න බැහැ. නමුත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට අප තුළ තිබෙන්නේ නිතැතින්ම ගෞරවයක්.ඒ නිසා උන්වහන්සේට අත් වුණ ඉරණම ගැන අපි සතුටු නැහැ.” යනුවෙනි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

