කැලණිය විශ්වවිද්‍යාලයයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් 12 වැනි වරටත් සංවිධානය කරන සංජනනී මාධ්‍ය උළෙල නොවැම්බර 9, 10 සහ 11 දිනවල දී කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය.
උළෙලේ නිල ප්‍රචාරක පටය පසුගිය දා අන්තර්ජාලයට මුදා හැරිණි.
කළු සුදු වීඩියෝ පටයක් වන මෙය ජීවිතයේ අඳුර සහ අලෝකයත්, මාධ්‍ය නිසා ගැටුම ඇතිවන ආකාරයත්, මාධ්‍ය ම ගැටුම නවත්වන බව සහ මාධ්‍ය ම එය වාර්තා කරන බවත් එම වීඩියෝ පටයෙන් පෙන්වීමට උත්සාහ කරයි.

