ජනපතිවරණය සමගේ මිත්‍යා විශ්වාස සමාජ ගත කිරීමට ඇතැම් ජනමාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කීවේය.
‘මැතිවරණ සමයේ නීති කඩමින් විවිද දෑ බෙදුවා. දේශපාන රැලි සඳහා ලංගම බස් වලින් සෙනඟ ඇද්දා. නමුත් බොහෝ රූපවාහිනී නාලිකා එම දර්ශන ප්‍රචාරය කළේ නැහැ.‘ යැයි ද අයිවන් මහතා පැවසීය.
ඔහු එසේ කීවේ තරුණ ජනමාධ්‍ය වේදීන් පිරිසක් සංවිධානය කළ වැඩමුළුවකට සහභාගී වෙමිනි.
සිව්වැනි ආණ්ඩුවේ හෙට දවස උදෙසා අද සවසේ ජනමාධ්‍ය භාවිතය මැයෙන් එම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
යාපනය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ් මහත්වරු ද එහි දේශකයන් ලෙස සහභාගී වූහ.
ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ද මේ වැඩසටහනට ආරාධනා කර තිබුණ ද ඔවුන් පැමිණ සිටියේ නැත.

