‘මාතලේ හෙක්ටයාර් 300ක් ගිනි තැබීම් වලින් විනාශයි’


(මහේෂ් කිර්තිරත්න )

මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300 පමණ කැලෑගිනි ගිනි තැබීමෙන් හානි වි ඇතැයිද ඒ්වා කළ පුද්ගලයින්  රැසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බව මාතලේ දිසා වන නිලධාරි අශෝක හේරත් මහතා පැවසිය.

දඩයම් කිරීම,  අලි කරදරවලින් බේරීම, ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම ඇතුළ  කරුණු කීපයක්  හේතුවෙන්  කැලෑ ගිනිතැබීම සිදුකරනබවත්  අශෝක හේරත් මහතා පෙන්වා  දුන්නේය. 

පවතින අධික වියලි කාගලගුණික තත්වය නිසාවෙන් කැලැවකට ගිනි තැබුවහොත් එ ඉතා වේගයෙන් පැතිර ගොස් සිදුවන හානිය වැඩි බවද ඒ් මහතා කීවේය.