‘මාතලේ මිනී වළ වහන්න බෑ‘


මාතලේ දිසා රෝහල් භූමියේ සමූහ මිනී වළේ කැණීම් අවසන් බැවින් එය වසා දැමීමට රහස් පොලීසිය කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

සොයා ගත් මිනිස් ඇට කටු ගැන විමර්ශන තවමත් සිදු කරන බැවින් එම ස්ථානයට පොලිස් මුර සපයන්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මිනිස් ඇට කොටස් 155ක් මේ වළෙන් සොයා ගත් බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.