දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකට හර්මන් ගුණරත්න මහතා විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර ලදැයි කියන සිද්ධියෙන් පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් එළවීමට මාතර දෙවුන්දරින් ආරම්භ කළ පෙළපාළිය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී අද පැවැසීය.
ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සහ කොන්ත්‍රාත්තුව මත එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර වනුයේ මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක ඇතුළු කණ්ඩායමක් බවත් ඔහු පවසයි.

