2014 ජූලි 11 වැනි දා පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය මෝටර් සයිකල්කරුගේ මරණයට වගකිව යුතු කොස්තාපල්ට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දිමට එරෙහිව මිය ගිය පුද්ගලයාගේ බිරිය අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ප්‍රභාත් ඉන්දික නම් මරණකරුගේ බිරිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
වගඋත්තරකරුවනට සැප්තැම්බර 17 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් මහතා නියෝග කළේය.
පොලිසිය කියා සිටියේ මෝර්ටර් සයිකලයේ සිටි දෙදෙනා පොලිස් අන නොතකා ගිය හෙයින් වෙඩි තැබූ බවයි.
කොස්තාපල් ඩබ්ලිව් එස් වෙලගෙදරට උසාවියෙන් ඇප නියම විය. එම යතුරුපැදියේ පසුපස ගිය පුද්ගලයාගේ සාක්කිය පිළිගත නොහැකි බව ඔහුට ඇප දෙමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් ප්‍රකාශ කළැයි නීතීඥවරු අභියාචනාධිකරණයට දැනුම් දුන්හ.
මහේස්ත්‍රාත්ගේ එම තීරණය නීති විරෝධී බවත්, අසාධාරණ බවත්, නීතියට පටහැනි බවත්, අධිකරණයේ බලය ඉක්මවා යෑමක් බවත් එහෙයින් එය ඉවත් කරන ලෙසත් ඉන්දිකගේ බිරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
එරන්ද සිංහාරගේ මහතාගේ උපදෙස් මත අනුර මැද්දේගොඩ, අමිල පල්ලියගේ හා නිහාල් සඳරුවන් යන නීතීඥවරු ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොදු යහපත සඳහා වන නීතිමය කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටියහ.

