‘මහේන්ද්‍රන්ගේ බෑණා ඩොලර් මිලියන ගනණින් ලාබ උපයලා‘


කොටස් වෙළෙඳපොළ රහසිගත තොරතුරු ලබාගෙන තම වාසියට නීති විරෝධී ලෙස නුදෙනු කළ බවට චෝදනා ලැබ මීට මාස තුනකට පෙර මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටුවක් නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන මහේන්ද්‍රන් තම බෑනාට කොටද් වෙළෙඳපොළ අභයන්තර රහස් තොරතුරු දුන් බවට චෝදනාවලට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියක දී ඩොලර් මිලියන ගණනින් ලාභ ඉපැයීමට එමඟින් අවස්ථාව සැලසිණැයි ද චෝදනා එල්ල විය.

මෙම වංචාව සිදුවූයේ ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටියදීය. මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාව පසුගිය ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක (කෝටි 150) ණය පහසුකම් ගැනීමට ද කටයුතු කළේය.

අදාළ නිර්දේශ ඉදිරිපත් කරමින්, එම ද්විපාර්ශවීය අධීක්ෂණ කමිටුව (කෝප්) මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ද ඉල්ලා සිටියේය.

“ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ගේ ක්‍රියාකලාප නිසා රටට සිදු වූ පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි” යැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුව හමුවේ කීය. 

පසුගිය ජූලි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   මහේන්ද්‍රන්   එම තනතුරෙන් ඉවත් කළ අතර ඔහුටත් ආණ්ඩුවටත් එල්ල වූ මහජන පීඩනය ඊට හේතුවිය. ඉන් අනතුරුව ඔහුට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඔහු නියෝග කළේය. 

වත්මන් ආණ්ඩුවේ කමිටුවක් මගින් මහේන්ද්‍රන් එම චෝදනාවලින් නිදහස් කළේය. බැඳුම්කර ගනුදෙනුවලට ඔහුගේ සෘජු සම්බන්ධයක් නැතැයි ද එම කමිටුව කීය. කෙසේ වෙතත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන්, පරීක්ෂණයක් සිදු කිරීමට ආණ්ඩුවට සිදුවිය. 

මහේන්ද්‍රන් දිගින් දිගටම නිර්දෝෂී බව කියා සිටියේය.