‘මහින්දට විජය සමරන්න බෑ‘


විජය කුමාරතුංග 28 වැනි ගුණානුස්මරණය අද (16) කටුනායක, සීදුව 18 කණුව විජය කුමාරතුංග සමාධිය අසල දී පැවැත්විණි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජීවන් කුමාරතුංග හා කාලෝ ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානයෙන් සමාධියට පුෂ්පෝපාහාර දැක්වීමක් සිදුකැරිණි.

මහින්ද රාජපක්ෂ මහතාද සිය පාක්ෂිකයන් සමග කොළඹ දී විජය කුමාරතුංග ගුණ සැමරුමක් සංවිධානය කිරීම පිළිබඳව එහිදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී විජය වැනි මානව හිතවාදියකු සමරන මහින්ද රාජපක්ෂ මානව හිතවාදී කියන වචනයවත් නොදන්නා බවයි. ඒ කාලයේ මහින්ද විජය සමග පුළුවන් තරම් රණ්ඩුවූ බවත් ඇය කීවාය.

chandrika_201621611390025-3 chandrika_201621611390025 chandrika_201621611390025-2