‘මහින්දට පුළුවන්‘


මහින්ද රාජපක්ෂ ජනපතිට තුන් වැනි වරටත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකියැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති තර්කවල කිසිදු පදනමක් නැතැයි ද, නීතිය අනුව මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නම් තුන්වැනි වරටත් ඉදිරිපත් විය හැකි යැයි ද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ ‘යුක්තිය උදෙසා ශ්‍රී ලාංකික තරුණ එකමුතුව‘ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වැඩ සටහනක් අමතමිනි.

‘රට හමුවේ ඇති අභියෝග, විධායක ජනාධිපතික්‍රමය හා 18 වැනි සංශෝධනය‘ මැයෙන් පැවැත්වූ එම වැඩ සටහනට නීතීඥවරු පිරිසක් හා නීති ශිෂ්‍යයෝ පිරිසක් ද සහභාගී වූහ.

මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම මහතා ද   දේශනයක් කළේය.