අල්ලස් කොමිසම පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති බව පෙනේයැයි ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ගැන ක්‍රියා කිරීමේදී පිළිගත් හා වැදගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද, රටට සේවයක් කළ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ගෙන්වීම සුදුසු නැතැයි ද, ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු යැයි ද නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් 113න් දෙනකුගේ අත්සන් සහිත ලිපියකින් මේ බව කතානයකට දන්වා ඇති බවත් ඔහු කීවේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ද මන්ත්‍රීරුන් ඉල්ලා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ යහපාලනය, සාධාරණත්වය හා යුක්තිය ඉෂ්ට වන බව ප්‍රදර්ශනය කරමින්යැයි ද ඔහු සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවුසවේ මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණයක් වන්නේ නම් ඊට පිළියම් ඇති බවයි.
‘අල්ලස් කොමිසමට වැරදි නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. අනෙක් අතට ඔහු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නොවෙයි.‘

