‘මහින්දගේ පුතාට ඕලෙවලුත් හරියට නෑ‘


තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු එමේ කීවේ කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘‘නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා. එවකට හිටපු ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියායි. ඒ නිසා ඔහු මෙසේ නාවික හමුදාවට බඳවාගෙන තිබෙනවා. 

නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතුයි.

නමුත් යෝෂිත රාජපක්ෂ පළමුවර අපොස සාපෙළ විභාගයේදි සිංහල විෂයට ගෙන ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක්. ඔහු එම විෂයට 2004 දි අධි සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා.‘‘

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - ‘‘මේ අනුව යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාවට බැඳීම සඳහා අපොස සාමාන්‍ය පෙළ සුදුසුක් නැහැ. ඒ අනුව දෙවරයක් විභාගය කරලා‘