‘මහින්දගේ ප්‍රකාශය විහිළුවක්‘ - ජෝසප් ස්ටාලින්


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ වාර ගණන දෙවරකට සීමා කළේ තමා නැවත බලයට පැමිණේයැයි බියෙන් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ  ප්‍රකාශය විහිළුවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ජනතාව ඉල්ලා සිටි 19 වැනි සංශෝධනයට ද්‍රෝහි නොවන ලෙස හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පැවසීය.

 පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා එළවා දැමූ බව ද එහෙතම සඳහන් කළේය.