‘මහින්දගේ පව් අරවන්න පන්සල් ගියාට බෑ‘ - හැරිසන්


2005 වසරේ ජනපතිවරණයෙන්  මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්‍රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මහනුවර දිගන පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජනපති විශ්‍රාම වැටුපත්  මන්ත්‍රි වැටුපත් දෙකම එකට ගන්නා ලෝකයේ එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව හෙතම පැවැසිය.

යුද්ධය අවසන් කිරිමේ ගෞරවය එතුමාට හිමි වුවත් ඔහු දැමු ඩීල් හරහා කරගත් පවු පන්සල් ගොස් අරවාගත නොහැකි බවද අමාත්‍ය වරයා පැවැසීය.