ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක කිරුළපන පැවති හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍ර්‍රහාරය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි වාමාංශික යයි කියා ගන්නා නායකයින් සමඟ විමල් වීරවංශ වැනි වර්ගවාදීන් විසින් මහින්ද රාජපක්ෂ යළි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැවති මෙම මැයි රැළිය නැරඹීමට ගිය දේවසිරි මහතාට පහර දීමෙන් පැහැදිලි වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ ප්‍රචණ්ඩත්වය තවමත් අත් නොහැර ඇති බවයි.
පොලිස් නිලධාරීන් විසින් ආචාර්ය නිර්මාල් රංජිත් මැරයින්ගෙන් මුදවාගෙන ජීප් රථයෙන් ගෙන යන අවස්ථාවේ දී ද ප්‍රහාරකයන් වියරු වැටී කටයුතු කොට ඇත. මේ වන විට ආචාර්ය නිර්මාල් රංජිත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මැරයෝ තවමත් නිදැල්ලේ පසුවෙති. පැවැති ආණ්ඩුවේ ක්‍රෑර ඒකාධිපතිත්වය තුළ බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට සිදු කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරාත්මක පාලනයේ ස්වරූපය ඔහුගේ කුලී හේවායන් තවමත් අමතක කර නැති බව මෙම ප්‍රහාරයෙන් තවදුරටත් පෙන්නුම් කරයි.
ප්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට බල කිරීමටත්, මෙම ප්‍රචණ්ඩ සංස්කෘතිය පරාජය කිරීමටත්, විකල්ප මතධාරීන් බාහු බලයෙන් මර්දනය කිරීම පරාජය කිරීමටත් පෙරට පැමිණෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.‘

