ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේ පවත්වන රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.
‘බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. හයිඩ් පිටියේ රැස්වීමට යනවා‘ යැයි හිටපු ජනපති පවසා ඇත.
අද (17) හයිඩ් පිටියේ පැවැත්වෙන රැලියට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව පසුගියදා සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසා තිබිණි.


