‘මහින්ද චින්තනය උතුරට එපා වුණා ‘- විග්නේෂ්වරන්


උතුරේ ජනයා මහින්ද චින්තනය ප්‍රතික්ෂේප කළ බව පසුගිය ජනවාරි අට වැනිදා එළිපිට ප්‍රකාශ කර ඇතැයි  උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා යාපනයේදී පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මහ ඇමැති එසේ කීවේය.

නව  පාලනය කෙරෙහි උතුරේ ජනයා බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත් ඔහු කීවේය.

රැස්විම පැවැති  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට පෙදෙස ජාතික කොඩි හා පලාත් කොඩිවලින් අලංකිර කැර තිබිණි.තොරණ දක්නට නොලැබිණි.