‘මහින්ද අද ගෙවලයෙක්, ගෙවලයා පයින් ගසා එළියට දැම්මාම හැරෙන්නේ ගේ පැත්තටමයි. ජනතාව ජනවාරි 8 වැනිදා පයින් ගසා එළියට දැමූ මහින්ද රාජපක්ෂ පාර්ලිමෙන්තුව පැත්ත බලාගෙනයි වැටෙන්නේ. හරියට හිටියා නම් අදත් ජනාධිපති මහින්ද. ආරක්ෂක ලේකම් ගෝඨාභය‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (9) අම්බලන්ගොඩ නගර ශාලාවේදී පැවසීය.
‘හොරුන් දූෂිතයන් එළවන්න ප්‍රධාන පක්ෂ දෙකටම ඕන කමක් නෑ. ඒ පක්ෂ දෙකේම ඒවගේ අය සිටිනවා. රජය හොරකම්වල ලොකු තෝරුන් මෝරුන් අල්ලන්නේ නෑ. එක යහපාලනයට විරුද්ධයි. එදා මහින්දලා හිටියේ හුඟක් උඩින්. ඔවුන් මිනිසුන්ට සැලකුවේ කූඹින්ට වගේ. අද මහින්දලා කූඹින් වගේ. මිනිස්සු උඩින් ඉන්නවා.‘

