‘මහින්ද ගමට කෝටි 70ක් වියදම් කරලා‘


පසුගිය වසර දහයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ගේ ගම්මානය පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් කෝටි 70ක් වියදම් කර ඇතැයි ද, එය රටේ මුළු ප්‍රාග්ධන වියදමින් සියයට 40ක් යැයි ද මහා නගර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

ඇමැතිවරයා එලෙස කීවේ හෝමාගම - තලගල මාර්ගය කාපට් කර ජනතා අයිතියට පවරන උත්සවයේ දී ය.

 ‘ බස්නාහිර පළාතේ නගර 23 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි   2016 වසරේ ආරම්භ කළා. ඊට හෝමාගම නගරයත් ඇතුළත්. අපි නව බස්නැවතුම්පොළක් සැලසුම් කරලා තියෙනවා. මාර්ග පද්ධතියක් සැලසුම් කරලා තියෙනවා. මාර්ග තදබදයත් එක්ක. අපි මේ වැඩකටයුතු කරගෙන යනකොට ඒ අදාල සංවර්ධන සභාවේ පක්‍ෂ විපක්‍ෂ හැමෝගෙම දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. මොකද ගැටීම්වලින් අපි සංවර්ධනය කළයුතු නැහැ. මෙම සංවර්ධනයන් හි අවසාන ප‍්‍රතිඵලය පක්‍ෂ බේදයෙන් තොරව හැමෝටම යනවා. ඒක නිසා ඒ හැමෝගෙම අනුමැතියෙන් ශක්තියෙන් තමයි අපි ඒ කටයුතු කරගෙන යන්නේ. ‘