‘මහින්ද කුරුණෑගල ජනතාව කඩේ යවලා‘


කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තු ගිය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් ගැන නොසලකා කොළඹ ජයන්තිපුර කාර්යාලයක් දැමීම පිළිබඳ තමන් කනගාටු වන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය.

මහින්ද රාජපක්ෂ මහතා තම ඡන්ද දායකයන් කඩේ යවා ඇති බවත් කී කාරියවසම් මහතා හුසේන් කුමරු ලංකාවට පැමිණීමෙන් ජයග්‍රහණ තුනක් ලැබූ බවත් කීවේය.

web_akila_2016216719