‘මහින්ද කාලේ සුළුවෙන් : දැන් මහා පරිමාණෙන්‘


‘ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු  හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් කාලෙත් තිබුණා. මහින්ද රාජපක්ෂ කාලයේ කබ්රාල් ගේ නැගණිය අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක්. මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය වැඩේ මහා පරිමාණයෙන් සිද්ධ වුණා. මහින්දගේ කාලේ ටිකක් සුළුවෙන් සිද්ධ වුණා. අදත් ඔය වැරදි වැඩේ කෙරෙනවා. ඔය වැඩේ කරගෙන යන අය අතරේ විවිධ රහස් තියෙනවා. එක්තරා පිරිසක් ඒ රහස් රැකගනිමින් ඔවුන්ගේ බඩගෝස්තරය කරගෙන යනවා. මෙය අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳවම ප්‍රශ්නයක් නොවේ. තවත් පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක්. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් කළ යුතුයි‘ යැයි අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා බණ්ඩාරගම දොඹගොඉදී පැවැති එජාප ජන හමුවකදී පැවසීය.