මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.
පැයක් පමණ කාලයක් ඒ සඳහා ගතවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ බිමද වාඩිවී ‘අදම අපට තීරණයක් ඕනෑ‘ යැයි කීහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට පැවසූයේ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමේ රාජකාරි කටයුත්තක් සඳහා කැඳවා ඇති බවත් ප්‍රශ්නයක් ඇත්නම් හිටපු ජනපතිගේ නීතිඥයන්ට ඊට එරෙහිව අධිකරණයට යා හැකි බවත් කීවේය.
ඡායාරූප - ඒෂියන් මිරර් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි










