හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කරගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
නව පක්ෂයේ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් ඉදිරියේදී පත් කරගන්නා බවත් සියලුම ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර සාමාජිකයන් බඳවා ගන්නා බවත් ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.