‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව මාස තුන හතරකට වඩා විපක්ෂයේ ඉන්න වෙන එකක් නැහැ‘ යැයි ශ්‍රීලනිප නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (19) සිය ධූරයේ වැඩ භාරගනිමින් පැවසීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ වැඩ භාරගත් අතර ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී.නාවින්න මහතාද අද රාජකාරී ඇරඹීය.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ අනුශාසකත්වයෙන් හා වත්මන් ජනාධිපතිගේ සභාපතිත්වයෙන් කටයුතු කරන ශ්‍රීලනිපය තරම් ශක්තිමත් පක්ෂයක් ශ්‍රී ලංකාවේ නොව මෙම කලාපයේවත් නැතැයිද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
ඒ ශක්තියෙන් මීළඟ මහමැතිවරණයේදී ශ්‍රීලනිප අගමැතිවරයෙක් හා රජයක් පත් කරගෙන රට ඉදිරි සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
හිටපු ජනපතිට ඊළඟ මහ මැතිවරණයේ අගමැති ධූර අපේක්ෂකත්වය ලබාදෙන්නේද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේම්ජයන්ත් මහතා කීවේ ‘මහින්ද රාජපක්ෂ මහතා තවම තීරණයක් ගෙන නැහැ. ඒ නිසා ඒ ගැන කථා කරන්න තවම කල් වැඩියි‘ යනුවෙනි.
ඡායාරූප - ශාන්ත රත්නායක















