මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට පහර දීමේ සිද්ධිය රටේ ප්‍රශ්නයක් ලෙස දැකියයුතු බවත්, අරයා නිසා ගහ ගන්නවා මෙයා නිසා ගහගන්නවා යැයි නොකියා රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ලෙස දැකිය යුතු බවත් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කීහ.
දේශපාලන වශයෙන් මෙම ප්‍රශ්නය දෙස නොබලන ලෙස ද ඒ හිමියෝ ඉල්ලා සිටියහ.
‘දේශපාලකයන්ට අපි පැහැදිලිව කියන්න ඕනෑ මෙය දේශපාලනිකව දකිනතාක් කල් අවාසිය රටක් හැටියට අපටයි.‘ යැයි ද සාගර හිමියෝ පැවසූහ.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිට පහරදීමට විරෝධය පළ කරමින් ලංකාවේ මැලේසියා මහ කොමසාරිස් කාර්යාලයයට සංදේශයක් බාර දුන් ජාතික සංග සම්මේලනය ඉන් පසු ජනමාධ්‍ය අමතමින් එසේ කීවේය.