‘මහ ඡන්දය දිනන්න මහින්ද ඕනෑ‘ - වාසු කියයි


මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීයැයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය වාර්තා කරයි.

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ  සාකච්ඡාවකට එක් වූ හිටපු ඇමැතිවරයා කියා තිබුණේ ඉදිරි මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන්නට බලාපොරොත්තු බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නට තීරණය කළහොත් වමේ පක්ෂ එකතු වී මැතිවරණයට තරග කරන බව ද නානායක්කාර මහතා කියා ඇත.

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කිරීමට හිටපු ජනාධිපතිවරයා සමඟ අලුත් පක්ෂයක් තනා ගැනීමේ   අදහසක් නැති බවත්, එවැනි රාවයක් යන්නේ  අපේ එකතුව බිඳීමට යොදවන උපක්‍රමික කුමන්ත්‍රණයක් ලෙස බවත්,  මැතිවරණයේ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත හැකි වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති අපේක්ෂක වුවහොත් බවත් හිටපු අමැති කියයි.

“නැවත මම දේශපාලනයට එනවා. දුක් වෙන්න එපා.  මම ඔබ  සමග ඉන්නවා“ යැයි හිටපු ජනාධිපති  රාජපක්ෂ මහතා   පැමිණි තම දේශපාලන හිතවතුන් අමතමින් කීවේය.