මුදල් ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකට බාරදුන් බවත් එහි අත්සන් 44ක් තිබූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු තව කිහිපදෙනකුට අත්සන් කිරීමට නොහැකිවූ බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මහතා අද (30) පිටකෝට්ටේ, පාගොඩ පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පැහැදිලි ආර්ථික දැක්මක් ඇති අයකුට මුදල් ඇමැතිකම දිය යුතු බවත් මේ ආණ්ඩුවේ ක්‍රමය මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම බවත් ගම්මන්පිළ මහතා කීවේය.


